• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සායන පොත පොලිස් මුරපොලට ලබා දී නිවසටම ඖෂධ ගෙන්වා ගන්න – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

24 November 2020
in දේශීය

හුදෙකළා කරන ලද ප්‍රදේශවල බෝනොවන රෝග සඳහා ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් ඔබගේ ලඟම තිබෙන සායනයට ගොස් ලියාපදිංචි වීමට හැකිඅතර එසේ නැතිනම් ඔබගේ සායන පොත ලඟම තිබෙන පොලිස් මුරපොලට ලබාදුනහොත් ඔබට අවශ්‍ය ඖෂධ ඔබගේ නිවසට ගෙන්වා ගැනීමට හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (24) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

ඊයේ දිනයේ දී නව කොවිඩ් ආසාදිතයින් 335 ක් වාර්තා වු බවත් එයින් කොළඹ මහ නගර සීමාවෙන් රෝගීන් 167 ක් වාර්තා වු බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසිය.

වැඩිපුරම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ දැනට හුදෙකලා කර තිබෙන අටලුගම ග්‍රාම නිලධාරි කොට්ථාසයෙන් වන අතර එහි සිටින අනෙකුත් රෝගීන් හදුනා ගැනීම සදහා අද දිනයෙත් එහි නියැදි පරීක්ෂාවන් සිදු කරන බව හෙතෙම පැවසිය.

උතුරු කොළඹ සහ මැද කොළඹ හුදෙකළා කරන ලද ප්‍රදේශවල අධික රුධීර පීඩනය, දියවැඩියාව ඇතුලු අනෙකුත් රෝග සදහා ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් සිටිනවා නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටින්නේ කොළඹ මහ නගර සීමාවේ ඔබගේ ලඟම තිබෙන සායනයට ගොස් ලියාපදිංචි වන ලෙසයි. එසේ නොමැතිනම් ඔබගේ සායන පොත ලඟම තිබෙන පොලිස් මුරපොලට ලබාදුනහොත් ඔබට අවශ්‍ය ඖෂධ ඔබට හෝ ඔබගේ නිවසටම ලබාදීමට අපට හැකියාව තිබෙන බව හෙතෙම පැවසිය.

හුදෙකලා කර තිබෙන ප්‍රදේශ සදහා වෛද්‍ය කණ්ඩායම් කිහිපයක් යොදවා ජංගම සායන පවත්වාගෙන යන අතර එම ජංගම සායන වලින් හෝ නැතිනම් සායන පත්‍රිකාව අප වෙත ලබාදුනහොත් අදාල රෝහලෙන් අවශ්‍ය ඖෂධ නිවෙසටම ලබාදීමට කටයුතු කරන බවත් කිසියම් හෝ රෝගියෙකුට සායනයට පැමිණිමට නොහැකි නම් මෙම ක්‍රමය අනුගමනය කරන මෙන් ඉල්ලා සිටි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 14
Previous Post

රටේ සංවර්ධනය ශක්තිමත්ව කරන බව ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය පවසයි

Next Post

මෙරට කොරෝනා ආසාදිතයින් 20,967 දක්වා ඉහළට – මරණ 94

editor

editor

Next Post

මෙරට කොරෝනා ආසාදිතයින් 20,967 දක්වා ඉහළට - මරණ 94

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved