මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් පවතින ආන්දෝලනාත්මක තොරතුරු සර්වජන බලශක්ති පක්ෂයේ මහලේකම් රන්ජන් සෙනෙවිරත්න මහතා විසින් විශේෂ අනාවරණයක් කරමින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
අදාළ ද්විත්ව පුරවැසි සහතික අංකය ලෙස C19090060828 යන්න සඳහන් කරමින් හෙළිදරව්ව සිදු කළ ඒ මහතා, මෙරට මූල්‍ය පද්ධතියේ ඉහළම තනතුරක් ද්විත්ව පුරවැසිභාවය සහිත අයෙකු දැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න පිළිබඳව රජයෙන් ප්‍රශ්න කර සිටියි. රටේ ආර්ථික තීන්දු තීරණ ගන්නා නිලධාරීන්ගේ විනිවිදභාවය සහ විශ්වාසනීයත්වය මෙහිදී බරපතල ලෙස අභියෝගයට ලක්වන බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














