ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල අඛණ්ඩව පහත වැටීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, මේ වන විට බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 70.79ක් දක්වාත්, WTI බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 67.71ක් දක්වාත් පහත වැටී ඇත. පසුගිය ජූනි 30 වැනිදා බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක් ඩොලර් 72.95ක් ලෙසත්, WTI බොර තෙල් බැරලයක් ඩොලර් 69.50ක් ලෙසත් සටහන්ව තිබූ අතර, ඉතා කෙටි කාලයක් තුළ මෙලෙස මිල ගණන් පහත යාම විශේෂත්වයකි.
පසුගිය දින කිහිපය තුළ සටහන් වූ මෙම මිල පහළ යාම ලෝක ආර්ථිකයේ සිදුවන වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙස විචාරකයින් පෙන්වා දෙයි. බොර තෙල් මිල මෙලෙස පහළ යාම ශ්‍රී ලංකාව වැනි ඉන්ධන ආනයනය කරන රටවලට යම් සහනයක් ලැබිය හැකි පසුබිමක් නිර්මාණය කර ඇත.
කෙසේ වෙතත්, ලෝක වෙළෙඳපොළේ සිදුවන මෙම මිල වෙනස්කම් දේශීය ඉන්ධන මිල කෙරෙහි බලපාන ආකාරය ඉදිරි දිනවලදී තීරණය වනු ඇත.














