ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන්වල සුළු පහත වැටීමක් වාර්තා වන බව ජාත්‍යන්තර වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙයි. ඒ අනුව බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 76.1ක් ලෙස දැක්වුණු අතර, ඩබ්ලිව්.ටී.අයි. (WTI) බොර තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 71.41ක් ලෙසයි. මේ අතර, මෙම වසරේ (2026) මේ දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 7.9කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ.
















