ඉරානය සමඟ පැවති සටන් විරාමය අවසන් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කිරීමත් සමඟ අද (08) ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 6%කට ආසන්න ප්‍රතිශතයකින් එකවර ඉහළ ගොස් තිබේ. මැදපෙරදිග කලාපයේ නැවතත් යුදමය තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් සහ තෙල් සැපයුමට බාධා ඇතිවීමේ බියක් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මෙම මිල වැඩිවීමත් සමඟ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 5.95%කින් ඉහළ ගොස් ඩොලර් 78.50ක් ලෙසත්, අමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිල 5.95%කින් ඉහළ ගොස් ඩොලර් 74.60ක් ලෙසත් වාර්තා වේ.
















