• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණියේ නොවිසඳුන අභිරහස් – අංක 08

අයුක්තියට එරෙහිව සටන් කළ නිලධාරියා ගෙදර යැවීමේ උත්සාහයක්...

8 July 2026
in දේශීය, පුවත්
පේරාදෙණියේ නොවිසඳුන අභිරහස් – අංක 08
0
SHARES
32
VIEWS
Share on FacebookShare on Twitter
ශිෂ්ටසම්පන්න රාජ්‍යයක “ඇඩ්‍රස් නැති” අපරාධ තිබෙන්නට නොහැකිය. එසේ තිබේ නම්, යුක්තිගරුක පුරවැසියන් කල්පනා කළ යුත්තේ එවැනි පිරිහුණු සමාජයකදී ඔවුන්ටද, ඔවුන්ගේ සමීපතයෙකුටද, නැතහොත් ඔවුන්ගේ දේපළකටද එම ඉරණමම අත්වීමට හැකියාවක් ඇති බවය. එසේම එකී අපරාධය සිදුකරන අපරාධකරුවන්ටද නීතියෙන් සැඟවී යාමට හැකියාවක් ලැබෙනු ඇති බවය. අවාසනාවට එවැනි සවිඥානකත්වයක් පේරාදෙණියේ තිබුණේ නැත.
මෙම වෑන් රථය ගිනි ගෙන විනාශ වීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතුව තිබුණේ එම වෑන් රථයේ මූල්‍යමය වටිනාකම පමණක් නොවේ. කීර්තිමත් විශ්වවිද්‍යාලයක, පරිපාලන සංකීර්ණයේ තිබූ රජයේ දේපළක් වන වෑන් රථයක් ගිනි තබා විනාශ කිරීමට තරම් අපරාධකරුවන් ධෛර්යමත් වීමත්, එකී අපරාධය කළවුන්ට නීතියෙන් සැඟවී සිටීමට හැකියාව ලැබීමත් තුළ බරපතල කම්පනයක් විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ ඇති විය යුතුව තිබුණත් පේරාදෙණියේ එසේ වූයේ නැත. එය පේරාදෙණියේ ශිෂ්ටසම්පන්නතාවය සම්බන්ධයෙන් ඔවුන්ම තම හදවත්වලට තට්ටුකර ඇසිය යුතුව තිබුණ ප්‍රශ්නයක් බව අපි කියමු.
වෑන් රථයට සිදුව තිබුණ දේත්, එයට වගකිවයුත්තන් කවුරුන්ද යන්නත් පේරාදෙණියේ සේවක කාරකාදීන් බහුතරයක් දැන සිටියත්, එයට එරෙහිව හඬ අවදි කරන්නට කිසිවෙකුට කොඳුනාරටියක් තිබුණේ නැත. එවකට උපකුලපති මෙන්ම මහත්මයෙකැයි කිව හැකි මහාචාර්ය හරිශ්චන්ද්‍ර අබේගුණවර්ධනයන්ට ඒ සඳහා බලවත් උවමනාවක් තිබුණේ වී නමුත්, පරිපාලන යාන්ත්‍රණයෙන් හෝ විශ්වවිද්‍යාල ප්‍රජාව තුළින් නිසි සහායක් නොලැබීම හේතුවෙන් ඔහු යම් තරමකට අසරණව සිටියේය.
එම අවස්ථාවේදී ආත්මශක්තියක් තිබුණ එක් නිලධාරියෙක් පමණක් මෙම අපරාධයට එරෙහිව සිය හඬ අවදි කළේය. ඔහු ප්‍රධාන විනයාරක්ෂක නිලධාරී ඩබ්.ඒ.ඒ. වේරහැරය. මෙම අපරාධය සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කරන්නටත්, එම තොරතුරු විමර්ශකයන් වෙත සහ උපකුලපතිවරයා වෙත සන්නිවේදනය කරන්නටත් ඔහු පෞද්ගලිකව කැපවී තිබුණි.
වේරහැරගේ මෙම මැදිහත්වීම පරිපාලනයේ ඉහළ පුටුවල සිටි අපරාධ චෝදනා ලැබූවන් දුටුවේ අනවශ්‍ය මැදිහත්වීමක් ලෙසය. එම මැදිහත්වීම මගින් තමන් වෙත ඇතිකරන්නාවූ තර්ජනය ඔවුන් නියමාකාරයෙන් තක්සේරු කර තිබුණ බව එයට එරෙහිව ගත් යම් යම් ක්‍රියාමාර්ගවලින් පෙනෙන්නට තිබේ.
පළමු වටයේදී වේරහැර නිහඬ කිරීම සඳහා ඔවුන් අනුගමනය කරන ලද්දේ සිය හිතවතුන් වන සහ වේරහැරටද සම්බන්ධයක් තිබුණ පුද්ගලයන් ලවා කථා කරමින් “එයා අපේ යාළුවෙක්, ඔයා එයාට කරදර කරන බව කියනවා. පොඩ්ඩක් එයාට කරදර නොකර ඉන්න” යනාදී වශයෙන් පවසමින් “ෂේප් න්‍යායෙන්” වැඩේ ගොඩදා ගැනීමටය. මෙම උත්සාහය සාර්ථක වුණේ නැත. හුදෙකලාව වුවද අඛණ්ඩව වේරහැර සිය සටන ඉදිරියට ගෙන ගියේය.
ඉතිහාසයේ සමහර සිද්ධීන් සිදුවන්නේ අහම්බෙන් බව පෙනෙතත්, ඒවා බොහෝ විට ඉතිහාසයේ ගමන් මග වෙනස් කරන තීරණාත්මක හැරවුම් ස්ථාන බව පසුව පෙනී යයි. ඒ අනුව මෙම අපරාධයට එරෙහිව වේරහැර නැමැති නිලධාරියාගේ මැදිහත්වීම තුළින් උද්ගත වූ තත්ත්වයට අපරාධ චෝදනා ලැබූවන්ගේ ප්‍රතිචාරය මගින් තීරණාත්මක හැරවුම් ස්ථානයක් නිර්මාණය කෙරෙමින් පැවතුණි.
නුදුරු ඉතිහාසයේ එක්තරා දිනෙක තම අනාගත අවදානම සම්බන්ධයෙන් වන සීමා ඉර පැන්නාවූ පරිපාලනයේ ඉහළ බලධාරියෙක් වේරහැර තම කාර්යාලයට කැඳවූවේය.
“වේරහැර තමුසෙ තමුන්ගේ රාජකාරියට අයිති නැති මේ වෑන් එක ගිනි ගත්තු එක ගැන ඕනවට වැඩිය එලවනවා. තමුන් තමුන්ගේ සීමාව දැනගන්නවා. තමුසෙ ඒකට අපේ නම් ගාවලත් එක එක තැන කියලා තියෙනවා. වහාම මේක නවත්තනවා. නැත්තම් මම තමුසෙව ඉන්ටඩික් කරනවා!”
යනුවෙන් ඔහු ගර්ජනය කර ඇත. ඉහළ නිලධාරියාගේ ගර්ජනය හමුවේ නොනැමුණ වේරහැර කියා ඇත්තේ;
“සර් මම කරන්නේ විශ්වවිද්‍යාලය වෙනුවෙන් මගේ යුතුකම. මම හිතන්නේ මම වගේම සර්ත් මේක ගැන හොයන්න මහන්සි වෙන්න ඕන.” යනුවෙනි.
ඉවසීමේ සීමා ඉර පැන්න ඉහළ බලධාරියා පරුෂ වචනයක්ද කියාගෙන “එනවා මාත් එක්ක VC ළඟට යන්න” යැයි කියමින් වේරහැරද කැඳවාගෙන යාබදව තිබෙන උපකුලපති කාර්යාලය වෙත ගියේ මාරාවේශයෙනි.
– වැඩ තහනමට ලක්වුණේ කවුදැයි ඊළඟ කොටසින් කියවන්න.
Post Views: 42
Previous Post

පෙනුමට කාන්තාවන්… පිටුපස AI ජාලයක්?

Next Post

ඉරාන අර්බුදයෙන් ලෝක වෙළෙඳපොළ කැළඹෙයි…

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන අර්බුදයෙන් ලෝක වෙළෙඳපොළ කැළඹෙයි…

ඉරාන අර්බුදයෙන් ලෝක වෙළෙඳපොළ කැළඹෙයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තරුණයන්ට සංස්කෘතික වටිනාකම් යල්පැනගිය දේවල් බවට පත්වෙලා!

තරුණයන්ට සංස්කෘතික වටිනාකම් යල්පැනගිය දේවල් බවට පත්වෙලා!

22 October 2026
තායිලන්ත නියෝජ්‍ය අගමැතිනියට නිසි ආරක්ෂාවක්වත් නෑ! රජයෙන් කිසිම දෙයක් නෑ!

තායිලන්ත නියෝජ්‍ය අගමැතිනියට නිසි ආරක්ෂාවක්වත් නෑ! රජයෙන් කිසිම දෙයක් නෑ!

22 October 2026
අපේ කටවල් වහන්න එන්න එපා! එයාලට ඕන විදියට  මම ප්‍රශ්න අහන්නේ නෑ…

අපේ කටවල් වහන්න එන්න එපා! එයාලට ඕන විදියට මම ප්‍රශ්න අහන්නේ නෑ…

22 October 2026
එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවෙන් ඉතිහාසගත ජයක්

එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවෙන් ඉතිහාසගත ජයක්

22 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තරුණයන්ට සංස්කෘතික වටිනාකම් යල්පැනගිය දේවල් බවට පත්වෙලා!

තරුණයන්ට සංස්කෘතික වටිනාකම් යල්පැනගිය දේවල් බවට පත්වෙලා!

22 October 2026
තායිලන්ත නියෝජ්‍ය අගමැතිනියට නිසි ආරක්ෂාවක්වත් නෑ! රජයෙන් කිසිම දෙයක් නෑ!

තායිලන්ත නියෝජ්‍ය අගමැතිනියට නිසි ආරක්ෂාවක්වත් නෑ! රජයෙන් කිසිම දෙයක් නෑ!

22 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved