ලෝක පුරා ඩීසල් ඉන්ධනවල සාමාන්‍ය මිල මේ වන විට ලීටරයකට ඇමරිකානු ඩොලර් 1.56ක් පමණ වන මට්ටමක පවතින අතර, රුසියා – යුක්රේන හා ඉරාන අර්බුද හමුවේ ගෝලීය වෙළෙඳපොළේ ඩීසල් මිල වේගයෙන් ඉහළ යාම ශ්‍රී ලංකාවටද දැඩි අභියෝගයක් වී තිබේ.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (CPC) සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පුවත්පතකට පවසා ඇත්තේ පෙට්‍රල් මිල පාලනය කළ හැකි වුවද, ඩීසල් මිල බොරතෙල් මිණුම් සලකුණු මිලට වඩා වේගයෙන් ඉහළ ගොස් ඇති බවයි.














