ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 172 වැනි ක්‍රීඩකයා ලෙස ටෙස්ට් වරම් දිනාගත් 25 හැවිරිදි පිට දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක කේෂර නුවන්ත ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ.
ඉන්දීය පළමු ඉනිම වෙනුවෙන් පන්දු යැවූ කේෂර, ඕවර 39ක් යවා නිලකුණු ඕවරයක්ද සමඟින් ලකුණු 172කට කඩුලු 3ක් දවා ගනිමින් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් විය. ලෝක පූජිත ක්‍රීඩක සනත් ජයසූරිය අධ්‍යාපනය ලැබූ මාතර ශාන්ත සර්වේසස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වීමද කේෂර කෙරෙහි මෙතරම් අවධානයක් යොමුවීමට තවත් ප්‍රධාන හේතුවක් වී ඇත.














