මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති දරුණු යුදමය වාතාවරණය හමුවේ වුවද, ගෝලීය ආර්ථිකය පුළුල් ලෙස ස්ථාවර හා ඔරොත්තු දෙන මට්ටමක (Resilient) පවතින බව ලෝකයේ ප්‍රධානතම ජාත්‍යන්තර මූල්‍ය හා වෙළෙඳ සංවිධාන ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි. ජාත්‍යන්තර බලශක්ති නියෝජිතායතනය (IEA), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ලෝක බැංකු සමූහය (World Bank) සහ ලෝක වෙළෙඳ සංවිධානය (WTO) යන ආයතනවල ප්‍රධානීන් ඊයේ (08) වොෂින්ටන් නුවරදී මෙම නිවේදනය නිකුත් කර ඇති බව රොයිටර්ස් (Reuters) පුවත් සේවය වාර්තා කරයි.
මැදපෙරදිග යුද්ධයේ ආර්ථික බලපෑම පිළිබඳව අඛණ්ඩව ඇගයීම් සිදුකරන මෙම ලෝක නායකයන් පෙන්වා දෙන්නේ, පවතින යුද තත්ත්වය හේතුවෙන් ආර්ථික වර්ධනය සහ මිල ස්ථායීතාව කෙරෙහි ගැඹුරු බියක් නිර්මාණය වී ඇති බවයි. එබැවින් කලාපීය අර්බුදයට කඩිනම් විසඳුමක් ලබාගැනීම සහ දැනට ඇහිරී ඇති හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වහාම නැවත විවෘත කිරීම ගෝලීය ආර්ථිකයේ ඉදිරි ආරක්ෂාව වෙනුවෙන් අත්‍යවශ්‍ය බව ද ඔවුහු අවධාරණය කර සිටිති.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














