ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය නිමා කිරීම සඳහා ඇති කරගෙන තිබූ තාවකාලික එකඟතා ගිවිසුම (Interim Agreement) මුළුමනින්ම “අවසන්” බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර පැය කිහිපයකට පසු, ඇමෙරිකානු හමුදාව විසින් ඉරානය වෙත යළිත් අලුත්ම ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ. ඇමෙරිකානු මධ්‍යම අණදෙන කාර්යාලය (CENTCOM) විසින් මෙම නවතම ප්‍රහාර මාලාව නිල වශයෙන් තහවුරු කර ඇති බව රොයිටර්ස් (Reuters) පුවත් සේවය වාර්තා කරයි.
CENTCOM නිවේදනය කරන පරිදි, මෙම ප්‍රහාරවල ප්‍රධාන අරමුණ වී ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) නිදහස් නාවික ගමනාගමනයට තර්ජනයක් වීමට ඉරානයට ඇති මිලිටරි හැකියාවන් මුළුමනින්ම අඩපණ කිරීමයි. ඉරානය විසින් පසුගියදා මැදපෙරදිග ඇමෙරිකානු කඳවුරු ඉලක්ක කරමින් එල්ල කළ ප්‍රහාරවලින් පසු කලාපීය නොසන්සුන්තාව උපරිම මට්ටමකට පැමිණ ඇති අතර, මෙම නව ඇමෙරිකානු ප්‍රහාරත් සමඟ මැදපෙරදිග දැවැන්ත යුද වාතාවරණයක් නිර්මාණය වෙමින් පවතී.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














