ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඉරානය වෙත එල්ල කරන ලද නවතම තර්ජන සහ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නාවික අවහිර කිරීම් දිගටම පවත්වාගෙන යන බවට කළ ඉඟියත් සමඟ ගෝලීය බොරතෙල් මිල විශාල ලෙස ඉහළ ගොස් තිබේ. අද (අප්‍රේල් 30) වන විට ලෝක වෙළෙඳපොළේ ප්‍රධාන තෙල් දර්ශක දෙකම වාර්තාගත මට්ටම් කරා ළඟා වී ඇති බව විදෙස් වාර්තා සනාථ කරයි. ඒ අනුව බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල 1.73% කින් ඉහළ ගොස් ඇමෙරිකානු ඩොලර් 120 ක් ලෙස සටහන් වන අතර, WTI බොරතෙල් බැරලයක මිල 0.62% ක වර්ධනයක් සමඟ ඇමෙරිකානු ඩොලර් 107.60 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉරානය සහ ඇමෙරිකාව අතර යළිත් යුදමය වාතාවරණයක් නිර්මාණය වීමේ අවදානම සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත භූ දේශපාලනික අස්ථාවරත්වය මෙම මිල ඉහළ යාමට සෘජුවම බලපා ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














