තම ජීව විද්‍යාත්මක පියා සමඟ විවාහ වී ලොවම මවිතයට පත් කළ ඇමරිකාවේ නෙබ්‍රස්කා ප්‍රාන්තයේ සමන්තා කර්ෂ්නර්, එම අඳුරු අතීතයෙන් මිදී මේ වන විට නව ජීවිතයක් ආරම්භ කර තිබේ. 2018 වසරේදී ඇය සහ ඇගේ පියා වූ ට්‍රැවිස් ෆීල්ඩ්ග්‍රෝව් අතර සිදු වූ එම අසාමාන්‍ය විවාහය මේ වන විට මුළුමනින්ම අවසන් වී ඇති බව ඇය තහවුරු කර ඇත.
වයස අවුරුදු 17ක් වන තුරු තම පියා කවුරුන්දැයි නොදැන සිටි සමන්තා, 2015 වසරේදී ප්‍රථම වරට ඔහුව මුණගැසීමෙන් පසු මෙම විනාශකාරී සම්බන්ධතාවයට පැටලී තිබේ. ඩීඑන්ඒ පරීක්ෂණ මගින් පීතෘත්වය තහවුරු වීමත් සමඟ, දියණිය විවාහ කර ගැනීමේ වරදට ට්‍රැවිස් අධිකරණය හමුවේ වරදකරු වූ අතර සමන්තාට මාස නවයක පරිවාස කාලයක් නියම විය. 2020 වසරේදී ට්‍රැවිස් ලිංගික අතවර කිරීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම විවාහය බිඳ වැටුණු අතර, 2025 නොවැම්බර් මාසයේදී ත්‍රස්තවාදී තර්ජන එල්ල කිරීමේ වරදට ඔහුට නැවතත් වසර තුනක සිරදඬුවමක් නියම වී ඇත.
අද වන විට සමන්තා සිය කටුක මතකයන් පසෙකලා තම දියණිය සහ නව පෙම්වතා සමඟ නෙබ්‍රස්කා හි කුඩා ගම්මානයක සාමකාමීව ජීවත් වන අතර, ලබන වසරේදී නව සහකරු සමඟ විවාහ වීමට ද අපේක්ෂාවෙන් සිටියි. ඇගේ පියා හෙවත් හිටපු සැමියා සමඟ මේ වන විට ඇයට කිසිදු සබඳතාවක් නොමැති බව වාර්තා වේ.














