ශ්රී ලංකාවේ බලශක්ති අවශ්යතා සපුරාලීම සඳහා තෙල් හා ගෑස් සැපයුම් ඇතුළු බලශක්ති ක්ෂේත්රයේ සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳව ශ්රී ලංකාව සහ අසර්බයිජානය අතර සාකච්ඡා පවත්වා තිබේ.
විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් මහතා සහ අසර්බයිජාන ජනාධිපති ඉල්හාම් අලියෙව් මහතා අතර මෙම හමුව බාකු නුවරදී පැවැත්වී ඇත. ආසියාවේ අන්තර්ක්රියා සහ විශ්වාසය ගොඩනැගීමේ ක්රියාමාර්ග පිළිබඳ සමුළුවේ (CICA) හත්වැනි සමුළුවට සහභාගී වීම සඳහා ශ්රී ලංකා නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙමින් අමාත්යවරයා අසර්බයිජානයට ගොස් සිටියි.
බලශක්ති සහයෝගීතාවට අමතරව දෙරට අතර වෙළෙඳාම, ආයෝජන සහ සංචාරක ක්ෂේත්රවල සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර තිබේ.
ඔක්තෝබර් 14 සහ 15 යන දිනවල බාකු නුවර පැවැත්වෙන CICA සමුළුවේදී “ආසියාවේ සම්බන්ධතාව, ඩිජිටල්කරණය සහ තිරසාර වර්ධනය” යන තේමාව යටතේ ශ්රී ලංකාවේ ස්ථාවරය ඉදිරිපත් කිරීමටද විජිත හේරත් මහතා නියමිතය.
මෙම සංචාරය අතරතුර කසකස්තානය, උස්බෙකිස්තානය සහ තජිකිස්තානය ඇතුළු CICA සාමාජික රටවල නියෝජිතයන් සමඟද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කෙරේ.
ආසියානු රටවල් සමඟ රාජ්යතාන්ත්රික සබඳතා ශක්තිමත් කිරීම සහ විශේෂයෙන් මධ්යම ආසියානු කලාපයේ ආර්ථිකයන් සමඟ නව ආර්ථික හවුල්කාරිත්වයන් ගොඩනැගීම මෙම සංචාරයේ ප්රධාන අරමුණකි.
















