27 April 2024
#ව්‍යාපාර

මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ නවතම ශාඛාව බණ්ඩාරගමදී විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ නවතම ශාඛාව පසුගියදා බණ්ඩාරගම නගරයේදී උත්සවාකාරයෙන් විවෘත විය.

පසුගිය කාලය තුළ මේ ආකාරයට රටේ ප්‍රධාන නගර කිහිපයකම නව ශාඛාවන් විවෘත කිරීමට මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම කටයුතු කළ අතර, එම ශාඛා ජාලයට එක්වූ 23 වන ශාඛාව මෙයයි. මෙය විවෘත කිරීමේ අවස්ථාවට සමාගමේ කළමනාකාරීත්වයේ සාමාජිකයන්, ආරාධිතයන්, කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සහ ගනුදෙනුකරුවන් ඇතුළු පිරිසක් එක්වූහ.

අංක 26, කළුතර පාර, බණ්ඩාරගම යන ස්ථානයේ පිහිටා ඇති මෙම ශාඛාවෙන් ගනුදෙනුකරුවන්ට මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ රන් ණය, ස්ථාවර තැන්පතු සහ ලීසිං ඇතුළු සියලුම සේවාවන් ඉතාමත් පහසුවෙන් ලබාගත හැකි වේ.
“බණ්ඩාරගම යනු කළුතර දිස්ත්‍රික්කයේ වැදගත්ම නගරයක්. එමෙන්ම එය කර්මාන්ත මෙන්ම වෙළඳ හා කෘෂි ව්‍යාපාර කටයුතු බහුලව සිදුවන ප්‍රදේශයක්. අපගේ ශාඛාවක් බණ්ඩාරගම නගරයේ විවෘත කිරීමට අප තීරණය කළේ ඒ නිසයි.

රට පුරාම මේ ආකාරයට වාණිජමය වශයෙන් වැදගත් නගර වල ශාඛා විවෘත කිරීමට අප මේ වනවිට පියවර ගෙන තිබෙනවා. මෙය අපගේ ශාඛා ජාලයේ 23 වැනි ශාඛාව මෙන්ම, බස්නාහිර පළාතේ 6 වැනි ශාඛාවයි. මීට පෙර අප බස්නාහිර පළාතේ ගම්පහ, කඩුවෙල, ජාඇල, කඩවත සහ මීගමුව යන නගර වල ශාඛා විවෘත කළා. එමෙන්ම අපගේ ශාඛා විවෘත කරන ප්‍රදේශ වලින් දක්ෂතම වෘත්තිකයන් බඳවාගෙන අපගේ කණ්ඩායම තවදුරටත් ශක්තිමත් කිරීමටත් අප පියවර ගෙන තිබෙනවා. මානව සම්පත් වල යහපත වෙනුවෙන් අප ගන්නා උත්සාහයන් නිසා අඛණ්ඩව සිව් වතාවක් Great Place to Work ඇගයීම හිමිකර ගැනීමටත් අපට හැකි වුණා. අපගේ සියලුම ශාඛාවන් හරහා, අප හඳුන්වා දී ඇති පුළුල් පරාසයක පැතිරුණු සේවාවන් එකතුව පහසුවෙන් ලබාගැනීමට අපගේ ගනුදෙනුකරුවන්ට පුළුවන්. අප උණුසුම් ලෙස පිළිගත් බණ්ඩාරගම ජනතාවට ඉදිරියේදී විශිෂ්ටතම සේවාවක් ලබාදීමට අප සූදානමින් සිටිනවා.” මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දුමින්ද වීරසේකර මහතා පැවසී ය.

ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා ෆයිනෑන්ෂල් සර්විසස් සමාගම (Mahindra and Mahindra Financial Services Limited, India) අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ බහුතර කොටස් හිමිකාරීත්වය ලබාගැනීමත් සමග මේ ආකාරයට සමාගමේ ශාඛා ජාලය දිවයින පුරා පුළුල් කිරීමේ වේගවත් වැඩසටහන ආරම්භ වී තිබේ. මෙම හිමිකාරීත්ව වෙනසත් සමග, ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රය ජයගැනීමේ අරමුණින් අයිඩියල් ෆිනෑන්ස් සමාගම ‘මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස්’ ලෙස නම්කරන ලදි. මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා ෆයිනෑන්ෂල් සර්විසස් සමාගම අයිඩියල් ෆිනෑන්ස් හි ආයෝජනය කිරීමෙන් අනතුරුව ෆිච් රේටිංස් විසින් මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ ණය ශ්‍රේණිය ‘AA – (lka) with a stable outlook’ ලෙස උසස් කරන ලදි.

Mahindra and Mahindra Financial Services Limited හි අනුබද්ධ සමාගමක් වන Mahindra IDEAL Finance Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බැංකු නොවන මූල්‍ය ආයතනයක් සහ බලපත්‍රලාභී මූල්‍ය ආයතනයක් වේ. 2012 වසරේදී එය ආරම්භ වූයේ ප්‍රධාන වශයෙන් ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ වල ගනුදෙනුකරුවන්ට සේවාවන් සැපයීමේ අරමුණිනි. මේ වනවිට එම සමාගම රන් ණය සහ පුද්ගලික ණය සේවාවන් මෙන්ම මෝටර් රථ, ත්‍රිරෝද රථ, කෘෂි රථවාහන සහ වාණිජ රථවාහන ආදිය සඳහා ලීසිං පහසුකම් ඇතුළු සේවාවන් රාශියක් හඳුන්වා දී ඇති අතර, ආයෝජකයන්ට සිය ආයෝජන සඳහා ආකර්ෂණීය ප්‍රතිලාභද පිරිනමයි.

 

පිටපත – PR

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *