විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කාණ්ඩ අතර ගැටුම් ඇති කරමින් නිදහස් සෞඛ්‍ය සේවාව අර්බුදයකට ගෙන යාමේ දේශපාලන න්‍යාය පත්‍රවලට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි. නිදහස් සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් පවත්වාගෙන යාමට සියලුම වෛද්‍ය කාණ්ඩ අතර සහයෝගීතාව සහ පද්ධතියේ අභ්‍යන්තර ස්ථාවරත්වය අත්‍යවශ්‍ය බව එම සංගමය පෙන්වා දෙයි.
පසුගිය කාලයේ පැවති අස්ථාවරත්වය හේතුවෙන් වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම ගැටලුවක් වූ බවත්, එයට විසඳුම් ලෙස ‘ශ්‍රී ලංකා වෛද්‍ය සේවය’ නමින් නව සේවා කාණ්ඩයක් සහ වැටුප් ව්‍යුහයක් ස්ථාපිත කිරීමට මීට පෙර එකඟ වී තිබූ බවත් GMOA සඳහන් කරයි. එහෙත්, විශේෂඥ වෛද්‍යවරුන් සඳහා පමණක් වෙනම සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමේ යෝජනාවක් ඉදිරිපත්වීම නිසා වෛද්‍ය කාණ්ඩ අතර බෙදීමක් ඇතිවීමේ අවදානමක් පවතින බව පවසන ඔවුන්, නිදහස් සෞඛ්‍ය සේවයට සහ රෝගී සත්කාරයට සිදුවිය හැකි බලපෑම සලකා එම යෝජනාවට තම සංගමය එකඟ නොවන බව අවධාරණය කර සිටී.
















