ලෝකයේ අවම වැටුප් ගෙවන රටක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාවේ, තිරිඟු පිටි මිල යළිත් ඉහළ යාම නිසා ජනතාව තවත් දුක්ඛිතම සහ අන්ත අසරණ තත්ත්වයට පත්වෙමින් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
දිනෙන් දින ඉහළ යන ජීවන වියදම සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩිවීම හමුවේ සාමාන්‍ය ජනතාව දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දී සිටින බව පෙන්වා දෙන ඒ මහතා, ජනතාවගේ මෙම අමාරු තත්ත්වය මගහරවා ගැනීමට රජය වහාම ක්‍රියාමාර්ත ගත යුතු බව අවධාරණය කළේය.
















