නිෂ්පාදිත රටක් නොමැති බෝර දොළහේ පතොරම් යෙදිය හැකි ගිනිඅවියක් හා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (29) තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විල, ගගේයාය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නිෂ්පාදිත රටක් නොමැති බෝර දොළහේ පතොරම් යෙදිය හැකි ගිනිඅවියක් සමඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 370ක් සන්තකයේ තබාගත් සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු කුමන හේතුවක් මත මෙම ගිනිඅවිය ළඟ තබාගෙන සිටියේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මොහු මීට පෙරද මනුෂ්‍ය ඝාතනයක් හා මත්ද්‍රව්‍ය චෝදනාවලට ඇප මත සිටින සැකකරුවෙකු බව පොලීසිය පවසයි. සැකකරු වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, තණමල්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















