27 April 2024
#ක්‍රීඩා

ගෝඨා පරද්දන්න ඥානසාර හිමිට පුළුවන්

2020 ජනාධිපතිවරණයට ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටින්නේ එළැඹෙන ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමේ වැඩපිළිවලෙහි ඥානසාර හිමියන් සිටින බවයි.

බෞද්ධ ඡන්ද ලබා ගැනීමේ පරමාර්ථයෙන් ඥානසාර හාමුදුරුවන් ස්වාධින අපේක්ෂකයෙකු ලෙස පත් කර ගැනීමේ ක්‍රියාවලිය දියත් කර ඇති බව ප්‍රසන්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *