27 April 2024
#ක්‍රීඩා

ණය හංගන්නේ නෑ

ණය සැඟවීමට මුදල් අමාත්‍යංශයට කිසිදු වුවමනාවක් නොමැති බව මුදල් රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) පාර්ලිමේන්තුවේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාව පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට අඳහස් දක්වමින්.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය “රාජ්‍ය ආදායමෙන් සියයට 85% ක් එන්නේ රෙගුව,ආදායම් බදු හා සුරාබදු දෙපාර්තමේන්තුව හරහා. මේ ආයතන තුළ තොරතුරු තාක්ෂණය මඟින් ඵලදායි කරන්නේ, දූෂණය නැති කරන්නේ කොහොමද කියලා අවධානය යොමු කර තිබෙනවා. සියලු ආයතනය තොරතුරු සන්නිවේදන තාක්ෂණයෙන් සම්බන්ධ කර එකමුතු කරන්න ක්‍රමවේදයකට යා යුතුයි.තොරතුරු තාක්ෂණය මඟින් ආදායම වැඩි කරගන්න, දූෂණය අවම කරන්න, රජයේ වැඩකරන නිලධාරීන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න පුළුවන් වෙනවා. මුදල් අමාත්‍යාංශයට ණය සඟවන්න වුවමනාවක් නෑ. හොර බොරු කරලා, වංචා කරලා, වංචා කරන අය ගැන රට දැනගත යුතුයි.

ගිණුම් කාරක සභා‍වේ සභාපතිවරයාට ස්තුතිවන්ත ‍වෙනවා. ‍මෙවැනි රාජ්‍ය ආයතන ප්‍රමාණයක් විමර්ශනය කිරිමට හැකියාව තිබු‍ණෙ අමාත්‍ය අලගියවන්න මහතා‍ගේ කැපවිම නිසයි. මේ සියළු ආයතන විමර්ශනය කිරීමට රාජ්‍ය ගිණුම්කාරක සභාව කටයුතු කර ති‍බෙනවා. ආයතනවලට තාක්ෂණය එක කරමින් දියුණු කිරීමට කටයුතු කර ති‍බෙනවා. එවිට රාජ්‍ය ආයතනවල සියළුම දත්ත එක තැනක සිට විමර්ශනය හා විගණනය කළ හැකියි. හොරකමට වංචාවට සිටින සුළු පිරිස හසු කරගැනීමට හැකි‍වෙනවා. අ‍නෙක් ‍සේවකයන්ගේ ‍ගෞරවය අපට රැකගත හැකි‍වෙනවා.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *