සිරදඬුවම් නියම වී බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ඒ, ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී මාස 09ක සිරදඬුවමක් නියම වූ නඩුවට අදාළව මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව බව සඳහන් වේ.
මේ අතර, බන්ධනාගාරගතව සිටින ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීමට එරෙහිව කොළඹ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක් පැවැත්වීමටද සැලසුම් කර තිබේ.














