සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 22 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.
අදාළ තීරණය සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනුකර ඇති අතර, ඒවා සලකා බැලීම සඳහා එදින අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.
















