නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව කළ මෙහෙයුමකින් සොයාගැනීම
මත්ද්රව්ය අඩංගු බවට සැක කෙරෙන උර තොගයක් අද (24) උදෑසන තලල්ල වෙරළ ප්රදේශයේ තිබී සොයාගෙන තිබේ.
නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී මෙම උර තොගය හමුවූ බව වාර්තා වේ.
සොයාගත් උරවල අඩංගු ද්රව්යවල ස්වභාවය සහ ප්රමාණය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාදී නොමැත. ඒවා මත්ද්රව්ය බවට තහවුරු කිරීම සඳහා අදාළ විමර්ශන සිදුකෙරෙනු ඇත.














