බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෙට (23) අධිකරණයට ඉදිරිපත් නොකරන බව බුද්ධ ශාසන අමාත්යාංශය දැනුම්දී තිබේ.
කෝට්ටේ ශ්රී කල්යාණි සාමග්රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමියන් සඳහන් කර ඇත්තේ, මේ බව අමාත්යාංශය විසින් එම සංඝ සභාවේ මහනායක අතිපූජ්ය ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමියන්ට දැනුම් දී ඇති බවයි.
මීට පෙර, සංශෝධිත බන්ධනාගාර නියෝග ප්රකාරව ඥානසාර හිමියන් චීවරය සහිතව නඩු කටයුත්තක් සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට ප්රකාශ කර තිබිණි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී බුද්ධ ශාසන නියෝජ්ය අමාත්ය ගමගෙදර දිසානායක මහතා පවසා ඇත්තේ, ඥානසාර හිමියන් හෙට අධිකරණයට ඉදිරිපත් කිරීම අවශ්ය නොවන බවට අධිකරණයෙන් දැනුම් දී ඇති බවයි.














