ලෝක ප්‍රකට ‘Godzilla vs. Kong’ සහ ‘Godzilla x Kong: The New Empire’ යන චිත්‍රපටවල ‘ජියා’ (Jia) ලෙස ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වූ බහිර (ශ්‍රවණාබාධිත) අමෙරිකානු රංගන ශිල්පිනී කේලී හොට්ල් (Kaylee Hottle) මාරාන්තික රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියයන විට ඇය 18 වැනි වියේ පසුවූවාය. අමෙරිකාවේ මේරිලන්ඩ් (Maryland) ප්‍රාන්තයේ ෆෙඩ්රික් (Frederick) හිදී සිදුවූ මෙම රිය අනතුරෙන් පසු, රෝහල වෙත ගෙන යන අතරතුර ඇගේ හදවත නතරවීමෙන් ඇය මියගිය බව ඇගේ පියා විසින් තහවුරු කර ඇත.
















