ඇමරිකාව විසින් එල්ල කරන ලද ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස, බහරේනයේ පිහිටි ඇමසන් (Amazon AWS) සමාගමේ ප්‍රධාන දත්ත මධ්‍යස්ථානය (Data Infrastructure) වෙත කෲස් මිසයිල (Cruise Missiles) ප්‍රහාර එල්ල කර එය සම්පූර්ණයෙන්ම විනාශ කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කර තිබේ.
ඉරානයේ ඉදිවෙමින් පවතින ‘දර්කොවින්’ (Darkhovin) න්‍යෂ්ටික බලගාර පරිශ්‍රයට ඇමරිකාව එල්ල කළ බව කියන ප්‍රහාරයට පලිගැනීමක් ලෙස මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව ඉරානය පවසයි. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමසන් සමාගම, ඇමරිකානු බලධාරීන් හෝ බහරේන් රජය මෙතෙක් නිල වශයෙන් තහවුරු කිරීමක් සිදුකර නොමැත.















