ගොකරැල්ල, මැදලන්ද ප්‍රදේශයේදී කාන්තාවකට මහමගදී අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගොකරැල්ල පොලිසිය සමත්ව තිබේ. පසුගිය අප්‍රේල් 16 වන දින සිදුවූ මෙම පහරදීම දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ මේ පිළිබඳව දැඩි මහජන අවධානයක් සහ විරෝධයක් එල්ල විය.
පොලිස් විමර්ශනවලට අනුව, ඥාතීන් පිරිසක් අතර කලක සිට පවතින පවුල් ආරවුලක් මෙම ගැටුමට මුල් වී ඇත. පහරදීමෙන් පසු ප්‍රදේශය හැර පලාගොස් සිටි සැකකරුවන් පිරිස පොලිසිය විසින් සිදුකළ පුළුල් මෙහෙයුමකින් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
පහරකෑමට ලක්වූ කාන්තාව රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් පසු මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














