27 April 2024
#දේශීය #පුවත්

මධ්‍යම පළාතේ ගිලන් රථ රියදුරන් සදහා විශේෂ පුහුණු වැඩමුළුවක්

මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ගිලන් රථ රියදුරු මහතුන්ගේ දැනුම, ආකල්ප සහ හැකියාවන් සංවර්ධන කිරිම අරමුණු කරගෙන විශේෂිත පුහුණු වැඩමුළුවක් පවත්වා ඊට අදාල සහතික පත්‍ර ප්‍රදානය සහ ගිලන් රථ රියදුරන් හදුනා ගැනීම සදහා නිල කබායක් ලබාදීමේ උත්සවය පසුගියදා නුවර “Simulation Centre” හන්තාන හී දී සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

මධ්‍යම පළාතේ විශේෂිත, තෘතියික, ද්විතීයික සහ පර්යන්ත රෝහල්වල හදිසි ප්‍රතිකාර රෝගී අංශවල (ETU) ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සදහා විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු කාර්ය මණ්ඩල සදහා පසුගිය කාලය තුල විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත.

එම වැඩසටහනට සමගාමීව මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය, මාතලේ දිස්ත්‍රික්කවල සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සියළු රියදුරු මහතුන්ගේ දැනුම, ආකල්ප සහ හැකියාවන් සංවර්ධන කිරිම සදහා ද වැඩමුළුවක් පවත්වා එම වැඩමුළුවට අදාලව පැවැත් වූ ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ වලින් වැඩිම ලකුණු ලබාගත් ගිලන් රථ රියදුරන්ට මෙහිදී සහතික පත් ලබාදීමට පියවර ගත් අතර, ගිලන් රථ රියදුරන් හදුනා ගැනීම සදහා නිල කබායක් ලබාදීම ද සිදු වූ අතර, මෙම උත්සව අවස්ථාව සදහා මධ්‍යම පළාතේ ගිලන් රථ රියදුරු මහතුන් 200 ක් පමණ සහභාගි කරගෙන තිබුනි.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය, මාතලේ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, නිර්වින්දක විශේෂඥ වෛද්‍ය ශිදර්ශී කිරිවත්තුඩුව පේරාදෙණිය රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ජානක ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුලු විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *