රුපියල් 14,100,000කට (එක්කෝටි හතළිස් එක් ලක්ෂයක්) අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ තොගයක් මංකොෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් සහ සැකකාරියන් 4 දෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය ජූලි 18 වැනි දින නිවසක් බිඳ මෙම සොරකම සිදු කර ඇති අතර, ඒ පිළිබඳව සිදු කරන ලද පුළුල් විමර්ශනවලින් අනතුරුව අගෝස්තු 06 වැනි දින දෙහිවල ප්‍රදේශයේදී ප්‍රධාන සැකකාරියන් දෙදෙනාද, හැටන් පතන ප්‍රදේශයේදී ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු සහ සැකකාරියක්ද අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් භාරයට ගන්නා ලද සැකකරුවන් සතුව තිබී සොරකම් කරන ලද රන්මාල 10ක්, රන් කරාඹු ජෝඩු 08ක්, පෙන්ඩන් 04ක්, වළලු 01ක්, අත් පළඳනාවක් සහ රන්මුදු 02ක් ඇතුළු වටිනා දේපළ සොයාගෙන ඇති අතර, අත්අඩංගුවට පත් වූවන් වයස අවුරුදු 28, 46, 53 සහ 28 යන වයස්වල පසුවන්නන් වේ. ගල්කිස්ස පොලිසිය මඟින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.














