ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන සිංගර් ශ්‍රී ලංකා සමාගම සහ ලොව ප්‍රමුඛ CCTV සන්නාමයක් වන Hikvision අතර නව ව්‍යාපාරික හවුල්කාරිත්වයක් ආරම්භ කර තිබේ. නවීන තාක්ෂණික විසඳුම් මෙරට පාරිභෝගිකයන් වෙත හඳුන්වා දීම මෙම සහයෝගීතාවයේ ප්‍රධාන අරමුණයි.
මෙම හවුල්කාරිත්වය යටතේ Hikvision නිෂ්පාදන පෙළක් සිංගර් අලෙවි ජාලය හරහා වෙළඳපොළට නිකුත් කෙරෙන අතර ඒවාට සිංගර්ගේ අලෙවියෙන් පසු සේවාව ද හිමි වේ.
උසස් ප්‍රමිතියේ CCTV කැමරා සහ රෙකෝඩර්.
Smart Access Control සහ වීඩියෝ Intercom පද්ධති.
Interactive Displays සහ මොනිටර්.
භාවිතයට පහසු වයර් රහිත (cable-free) WiFi කැමරා.
මීට අමතරව, කෘත්‍රිම බුද්ධිය (AI) හා දත්ත මත පදනම් වූ බුද්ධිමත් විශ්ලේෂණ හැකියාවන් මෙන්ම බුද්ධිමත් රථවාහන කළමනාකරණය (intelligent traffic management) සහ නගර ආරක්ෂාව සඳහා වන උපාංග ද මෙයට ඇතුළත් වේ.
සිංගර් ශ්‍රී ලංකා සමූහ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා සඳහන් කළේ නිවෙස් සහ ව්‍යාපාරික අවශ්‍යතා දෙකටම ගැලපෙන නවීන තාක්ෂණය දිවයින පුරා පාරිභෝගිකයන් වෙත ළඟා කිරීම තම අරමුණ බවයි. Hikvision ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අධ්‍යක්ෂ යසන්ත හේන්නායක මහතා පවසා සිටියේ සිංගර් සමඟ එක්වීම හරහා තම තාක්ෂණික විසඳුම් ව්‍යාප්ත කිරීමට ශක්තිමත් පදනමක් ලැබෙනු ඇති බවයි.














