වත්මන් රජය බලයට පත්කළ ජනතාවගේ බලාපොරොත්තු ආණ්ඩුව ඉටුකර තිබේද යන්න සම්බන්ධයෙන් ඒ මහතාගෙන් ඊයේ (10) විමසූ අවස්ථාවේදී අමින්ද මෙත්සිල මහතා මේ බව ප්‍රකාශ කළේය.
වත්මන් පාලනය සම්බන්ධයෙන් සතුටු වන්නේ ඉහළම තනතුරුවලට පත් වූ අයත් මැති ඇමැතිවරුන් සහ ඔවුන් පිටුපස සිටින ඉහළ වරප්‍රසාද ලාභීන් පමණක් බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට පැමිණියේ එක්සත් ජාතික පක්ෂයේ පෙළඹීවීමක් මත නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වූ පිපිරීම සහ සිවිල් සංවිධානවල මැදිහත් වීම මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට තරග කල බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. ඒ වන විට එක්සත් ජාතික පක්ෂයට මැතිවරණ ජයග්‍රහණයක් සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් පවා නොතිබුණ බවත් අමින්ද මෙත්සීල පෙරේරා මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා ” වත්මන් යහපාලන ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙත සම්බන්ධයෙන් අද වන විට විවේචනවල අඩුවක් නැහැ. ඊට ආණ්ඩුවේ ප්‍රතිචාර පවා ශක්ති සම්පන්න නැහැ. වසර තුනක් තිසසේ වත්මන් පාලනය කළේ කුමක් දැයි ප්‍රශ්න කරන තැනට ජනතාව පත්ව තිබෙන්නෙත් ඒ නිසයි. වත්මන් ආණ්ඩුව බලයට පත්කරන්න දරදිය ඇදපු චරිත ගණනාවක් අදටත් ඉන්නේ තිරය පිටුපසයි. බල පෙරැළියට පුරෝගාමී වූ ඔවුන්ගෙන් බහුතරය මෙරට සිවිල් සංවිධාන නියෝජිතයින්. ඒ නිසාම රට නිවැරැදි මඟට ගැනීමේ අවශ්‍යතාවය ඔවුන්ට තිබිය යුතුයි. පසුගිය ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පවා එක්සත් ජාතික පක්ෂයට නිසි විසඳුමක් හෝ අවබෝධයක් පවා තිබුණේ නැහැ.
පසුගිය රජයේ පාලනයට එරෙහි වූ වෘත්තියවේදීන් අද යළිත් ඔවුන්ගේ වේදිකාවට ගොස් වත්මන් පාලනයට එරෙහිව හඬ නඟන්නේ මේ පසුබිම නිසයි. ගෝඨාභය රාජපක්ෂලා වටා වෘත්තීයවේදීන් පෙළ ගැසී ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. ආණ්ඩුව මේවා තේරුම් නොගත්තොත් ඉදිරියේදී දැඩි අර්බුදයකට ආණ්ඩුව මුහුණ දෙන්න වෙනවා” යැයිද අමින්ද මෙත්සිල මහතා ප්‍රකාශ කළේය.
බලපිටිය වාර්තාකරු