27 April 2024
#දේශීය

google කාර්‍ය මණ්ඩලය 2021 දීත් ගෙදර ඉඳලා වැඩ !

ගුගල් සමාගම සිය ලක්ෂ 02ක් පමණ වන සේවකයින්ට තවත් වසරක කාලයක් සිය නිවෙස් වල සිට රැකියාවේ නිරතවන ලෙස දැනුම්දී ඇත.

ගුගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සුන්දර් පිචෙයි උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය නිවේදනය කරන්නේ  පසුගිය සතියේ දී ඉහළ කළමනාකාරීත්වය සමග පැවති සාකච්ජාවකින් පසුව ගූගල් සමාගම එම තීරණය ගනු ලැබු බවයි.

ඒ අනූව කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ 2021 වර්ෂයේ ජුනි මස 30 වෙනිදා දක්වා සිය නිවෙස් වල සිට රාජකාරි කටයුතු සිදුකරන ලෙස ගුගල් සමාගම සිය සේවකයින් වෙත ඊයේ (27) ඊමේල් පණිවිඩයක් මගින් දැනුවත් කර ඇති බවත් වාර්තා වෙයි.

ලොව විශාලතම තාක්ෂණික සේවා සැපයීම් සමාගම වන්නේ ගූගල් සමාගමය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *