පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා අගෝස්තු මස 3 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
අදාළ පෙත්සම අද (23) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විසින් පිළිතුරු දේශන ඉදිරිපත් කර ඇති අතර, අනතුරුව වැඩිදුර දේශන සඳහා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.














