• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සිංගප්පුරුවේ නව නීති ගැන සම්බන්ධව ජනපති දැනුවත් කරයි

9 January 2020
in දේශීය

දිවයිනේ තෙදින නිල චාරිකාවක නිරතව සිටී සිංගප්පූරු නීති හා ස්වදේශ කටයුතු ඇමති කසිවිස්වනාතන් ෂන්මුගම් Kasiviswanathan Shanmugam මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

දෙරටට වැදගත්වන කරුණු රැසක් පිළිබඳව ජනාධිපතිවරයා සහ සිංගප්පූරු ඇමතිවරයා සාකච්ඡා කළහ.

වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳව පුළුල් අවධානය යොමු කෙරිණි. විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීම, සයිබර් ආරක්ෂණය, අන්තවාදය පිටුදැකීම, විදේශ බලවේගයන්ගේ තර්ජන හා බලපෑම්, බුද්ධි අංශය වර්ධනය කිරීම ඇතුළු කලාපීය වශයෙන් වැදගත්වන කරුණු පිළිබඳව දෙපාර්ශ්වයේ අවධානය යොමු විය.

වෛරී ප්‍රකාශ, අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන සාවද්‍ය තොරතුරු හුවමාරුව වැළැක්වීම සහ ආගමික සංහිඳියාව පවත්වාගෙන යාම සඳහා සිංගප්පුරුව හඳුන්වා දී ඇති නව නීති සම්පාදන ක්‍රියාවලිය ගැන ද සාකච්ඡා කෙරිණි.

ව්‍යාපාර සංවර්ධනය, ක්‍රියාකාරිත්වය හා ප්‍රවර්ධනය සඳහා අතිශය වැදගත් වන සහ ව්‍යාපාරික ආයතන වැඩි වශයෙන් විශ්වාසය තබා ඇති දත්ත කළමනාකරණය සඳහා උපකාරී වන සමාජ මාධ්‍ය ආකෘති පිළිබඳව ජනාධිපතිවරයා සහ අමාත්‍යවරයා අදහස් හුවමාරු කර ගත්හ.

ඩිජිටල් සහ ජෛවමිතික දෙඅංශයම සම්බන්ධ කෙරෙන ප්‍රතික්ෂේප කළ නොහැකි අනන්‍යතාව හා අදාළව සිංගප්පූරුව විසින් මේ වන විට ගවේෂණය කරමින් සිටින නව තාක්ෂණික ක්‍රමවේද සාකච්ඡාවට බඳුන් විය.

 

දිලිනි සමන්මලි 

 

Post Views: 11
Previous Post

ඇමෙරිකානු හමුදා වෙත ඉරාන බැලිස්ටික් මිසයිල ප්‍රහාර…

Next Post

ජනාධිපති ගෝඨාභය හදිසියේ ම ජාතික රෝහල ට…

editor

editor

Next Post

ජනාධිපති ගෝඨාභය හදිසියේ ම ජාතික රෝහල ට...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved