වැඩිහිටියන් හා ළමුන් අතර දක්නට ලැබෙන විවිධ නිදන්ගත සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත රෝග (Autoimmune diseases) සඳහා ප්‍රතිකාර කිරීමට යොදාගනු ලබන ඇඩලිමුමාබ් (Adalimumab – 40mg/0.8ml) එන්නත් සිරින්ජ 6,000ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මෙම සැපයුම සඳහා ජාත්‍යන්තර මට්ටමින් ලංසු කැඳවා තිබූ අතර ඒ සඳහා ඉදිරිපත් වූ ලංසුකරුවන් සිව්දෙනෙකු අතරින් අවම පිරිවැයක් සහිත සුදුසුම සැපයුම්කරු ලෙස ‘Reliance Life Sciences Pvt Ltd’ ආයතනය තෝරාගෙන ඇත. ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත මෙම සැපයුම් කොන්ත්‍රාත්තුව අදාළ සමාගම වෙත පිරිනැමීමට නියමිතය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අනුව නාවික ගාස්තු ද ඇතුළුව ඇමරිකානු ඩොලර් 225,000ක මුළු පිරිවැයක් යටතේ මෙම ඖෂධ තොගය මෙරටට ගෙන්වීමට අනුමැතිය ලැබී ඇත. මෙමඟින් රජයේ රෝහල්වල පවතින ඖෂධ අවශ්‍යතාවයන් සපුරාලීම රජයේ අපේක්ෂාවයි.














