ඉතිහාසයේ වාර්තාගත අන්දමින් රටේ සෑම ක්ෂේත්‍රයක්ම ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට වර්තමාන රජයට හැකි වූ බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. වැවිලි සමාගම් ඉපැයූ ලාභයෙන් කොටසක් එම සමාගම්වල සේවකයන් වෙත ලාභාංශ ලෙස ලබා දීම වෙනුවෙන් පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. දිවයින පුරා පිහිටි වැවිලි සමාගම්වල සේවකයන්ගේ සුබසාධනය වෙනුවෙන් එම සමාගම් ලබාගත් ලාභයෙන් කොටසක් සේවකයන් අතර බෙදා දීම මෙහිදී සංකේතාත්මකව සිදු කෙරුණු අතර, රජයේ විධිමත් කළමනාකරණය හේතුවෙන් මෙලෙස ආයතන ලාභ ලබන මට්ටමට පැමිණ ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














