• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගැරඩිඇල්ල බස් අනතුරට වසරක් සපිරෙයි

මියගිය 24 දෙනා සිහිකරමින් සර්ව ආගමික වතාවත් කොත්මලේදී පැවැත්වෙයි

11 May 2026
in දේශීය, පුවත්
ගැරඩිඇල්ල බස් අනතුරට වසරක් සපිරෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කතරගම සිට නුවරඑළිය හරහා ධාවනය වූ ලංගම බස් රථය කොත්මලේ ගැරඩිඇල්ල ප්‍රදේශයේදී අඩි 100ක ප්‍රපාතයකට පෙරළී සිදුවූ අවාසනාවන්ත අනතුරට අද (11) දිනට වසරක් සපිරීම නිමිත්තෙන් විශේෂ ගුණසමරු වැඩසටහනක් එම ස්ථානයේදී පවත්වා තිබේ. මීට වසරකට පෙර අලුයම 4:30ට පමණ සිදුවූ මෙම මහා අනතුරින් රියදුරා ඇතුළු 24 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් 40 දෙනෙකු පමණ බරපතල තුවාල ලැබූහ. ජීවිතක්ෂයට පත් වූවන්ට පින් අනුමෝදන් කිරීම සහ තවමත් ප්‍රතිකාර ලබන තුවාලකරුවන්ට සෙත් පැතීම අරමුණු කරගනිමින්, කොත්මලේ පොලිසිය සහ ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් මෙම සර්ව ආගමික වතාවන් සංවිධානය කර තිබුණි.
කොත්මලේ පොලිස් ස්ථානාධිපති ඉන්දික ලලිත් මහතාගේ මූලිකත්වයෙන් පැවැති මෙම පුණ්‍යකර්මය සඳහා ප්‍රදේශයේ මහා සංඝරත්නය මෙන්ම අන්‍ය ආගමික නායකයින් ද සහභාගි වූහ. එහිදී පිරිත් සජ්ඣායනා පවත්වා මියගිය පිරිස සිහිකරමින් පැන් වඩා පින් අනුමෝදන් කළ අතර, අනෙකුත් ආගමික වතාවන් ද එම ස්ථානයේදීම සිදු කෙරිණි. මෙම සංවේදී අවස්ථාවට කොත්මලේ ප්‍රාදේශීය ලේකම් නදීර ලක්මාල් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ විශාල පිරිසක් එක්ව සිටි අතර, රියදුරාට නින්ද යාම හේතුවෙන් සිදුවූ මෙම ඛේදවාචකය පිළිබඳ මතකය යළිත් කලාපය පුරා දැඩි සංවේගයක් ඇති කිරීමට සමත් විය.
මෙම සැමරුම් උත්සවයේදී සුවිශේෂී ඇගයීමක් ද සිදු වූ අතර, අනතුර සිදුවූ අවස්ථාවේ බරපතල තුවාල ලැබූ මවකගේ බිළිඳෙකු බේරාගෙන එම දරුවාට මව්කිරි ලබා දුන් ප්‍රදේශවාසී කාන්තාවකගේ මානුෂීය මෙහෙවර අගය කරමින් පොලිසිය විසින් ඇයට ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු කරන ලදී. එවැනි ඛේදජනක මොහොතක පවා ජනතාව දැක්වූ පරිත්‍යාගශීලීත්වය සහ සහෝදරත්වය මෙහිදී ඇගයීමට ලක් වූ අතර, මහා මාර්ගවල ගමන් කිරීමේදී රියදුරන් වඩාත් වගකීම් සහගතව කටයුතු කිරීමේ වැදගත්කම මෙම සංවේදී සැමරුම මගින් යළිත් සමාජය වෙත සිහිපත් කර දෙනු ලැබීය.
Post Views: 3
Previous Post

ශ්‍රී ලංකා ඊ-පාස්පෝට් ටෙන්ඩරය ගැන දූෂණ චෝදනා යුරෝපා සංගමයේ විමර්ශනයට

Next Post

ඉතිහාසයේ වාර්තාගත ලෙස සෑම ක්ෂේත්‍රයක්ම ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට රජයට හැකිවූණා

Editor TTV News

Editor TTV News

Next Post
ඉතිහාසයේ වාර්තාගත ලෙස  සෑම ක්ෂේත්‍රයක්ම  ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට  රජයට හැකිවූණා

ඉතිහාසයේ වාර්තාගත ලෙස සෑම ක්ෂේත්‍රයක්ම ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට රජයට හැකිවූණා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය  සවිබල ගන්වන  SME Nexus ජාතික උපායමාර්ගික රාමුව එළිදකී

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය සවිබල ගන්වන SME Nexus ජාතික උපායමාර්ගික රාමුව එළිදකී

14 May 2026
වෘත්තීය අධ්‍යාපනය  විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ  ලබාදීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ ලබාදීමට පියවර

14 May 2026
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  තැපැල් පහසුකම් සඳහා  නව මුද්දර ද්විත්වයක්  නිකුත් කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තැපැල් පහසුකම් සඳහා නව මුද්දර ද්විත්වයක් නිකුත් කෙරේ

14 May 2026
විශ්වවිද්‍යාල වරම් ලැබූ  තරුණයෙකු  යතුරුපැදි අනතුරකින්  ජීවිතක්ෂයට

විශ්වවිද්‍යාල වරම් ලැබූ තරුණයෙකු යතුරුපැදි අනතුරකින් ජීවිතක්ෂයට

14 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය  සවිබල ගන්වන  SME Nexus ජාතික උපායමාර්ගික රාමුව එළිදකී

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය සවිබල ගන්වන SME Nexus ජාතික උපායමාර්ගික රාමුව එළිදකී

14 May 2026
වෘත්තීය අධ්‍යාපනය  විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ  ලබාදීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ ලබාදීමට පියවර

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved