• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම අඛණ්ඩව – රජය

15 November 2020
in දේශීය

ජනතා සහන වෙනුවෙන් 2020 මාර්තු 31 සිට නොවැම්බර් 13 දක්වා බිලියන 68.64 ක් එම කාලය තුළ රු.5000 සහන දීමනාව ලබා දුන් පවුල් ගණන මිලියන 12.7 ඉක්මවා ඇති බව රජය පවසයි.

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් දිවයින පුරා ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙල ඒ ඒ අමාත්‍යාංශ හා දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇත.

මෙහිදී කොවිඩ් 19 වෛරසයේ පළමු ව්‍යාප්තිය ආරම්භ වූ 2020 මාර්තු 31 සිට එහි දෙවන ව්‍යාප්තියට මුහුණ දී සිටින නොවැම්බර් 13 දින දක්වා මෙම ජනතා සහන වෙනුවෙන් පමණක් රජය විසින් රුපියල් බිලියන 68.64 ක (මිලියන 68,640) අරමුදල් ප්‍රමාණයක් වෙන් කර ඇත.

මෙම ජනතා සහන ලබාදීම තුළ වැඩිම පිරිවැයක් දරන ලද කාර්යය වන ජීවනෝපාය අහිමි වූ පවුල් සඳහා රු.5000 සහන දීමනාව ලබාදීමේදී 2020 අප්‍රේල්, මැයි මාසවල පමණක් පවුල් 11,308,311 සඳහා සහන ලබා දී ඇත. කොවිඩ් 19 දෙවන ව්‍යාප්තිය හේතුවෙන් ඔක්තෝබර්, නොවැම්බර් මාසවලදී මෙම වැඩසටහන යටතේ පවුල් 1,409,578 කට සහන ලබා දී ඇති අතර ඒ අනුව රු.5000 සහන දීමනාව මෙතෙක් ලබා දුන් පවුල් ගණන 12,717,889 ක් වේ.

නිවෙස්ගත නිරෝධායනයට යොමු කිරීම හේතුවෙන් රු.10,000 ක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමේ වැඩසටහන මගින් සහන ලැබූ පවුල් ගණන 46,411 කි.

එමෙන්ම, මෙම වාතාවරණය තුළ ගොවි ජනතාවට සහන සැලසීමේ අරමුණින් ගොවි නිෂ්පාදන මිලදී ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 126 ක් වැය කර තිබේ.

නිරෝධායන කටයුතු, සෞඛ්‍ය, යටිතල පහසුකම් හා ඖෂධ සැපයුම් සේවා සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ දරන ලද පිරිවැය රුපියල් මිලියන 4326 කි.

තවද දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් මීට අදාළව ජනතාවට සලසන ලද වෙනත් පහසුකම් සඳහාද රුපියල් මිලියන 78 ක් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත වෙන් කර දී ඇත.

ඉහත වියදම්වලට අමතරව ඒ ඒ අමාත්‍යාංශ සඳහා 2020 වසරේ වෙන්කරන ලද ප්‍රතිපාදන වලින්ද සැලකියයුතු වියදමක් මෙම කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හා සම්බන්ධ තත්ත්වයන් වෙනුවෙන් රජය වැය කර තිබේ.

Post Views: 14
Previous Post

ජනපති 18 වනදා ජාතිය අමතයි

Next Post

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 13,788 දක්වා ඉහලට

editor

editor

Next Post

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 13,788 දක්වා ඉහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved