• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සීෂෙල්ස්හි සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමට රජය පහසුකම් සලසයි

28 May 2020
in දේශීය

ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට අවශ්‍ය බවට ලියාපදිංචි වී ඇති සීෂෙල්ස්හි වෙසෙන, එහි රුකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් පිරිස සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා රජය මෙරටේ දැනට පවතින රෙගුලාසිවලට හා පවතින නිරෝධායන පහසුකම්වලට අනකූලව ඔවුන්ට ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට පහසුකම් සැලසීමට කටයුතු සූදානම් කරන බව විදේස සබදතා අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය කියා සිටියේ සීෂෙල්ස්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයන් සමඟ අඛණ්ඩව සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් සිටින අතර සහාය අවශ්‍ය වී සිටින ශ්‍රී ලාංකිකයන්ට සහාය ලබා දීම සඳහා දූත මණ්ඩලයේ නායකත්වය යටතේ, ශ්‍රී ලාංකිකයන්ගේ සංගමය, සීෂෙල්ස් බෞද්ධ සංගමය හා ලක්ස්ටර් ක්‍රිකට් කමිටුව ඇතුළත්ව ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට පියවර ගෙන තිබෙන බවයි.

මෙම දූත මණ්ඩලය ශ්‍රී ලාංකික ප්‍රජාවේ ඉල්ලීම මත ඔවුන්ට ආහාර ද්‍රව්‍යය ද බෙදා දී තිබෙන අතර ශ්‍රී ලාංකිකයන්ට නිරන්තරයෙන්ම දූත මණ්ඩලය හා සම්බන්ධ විය හැකි පැය 24 පුරාම ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් සේවයක් ද ස්ථාපනය කොට තිබේ.

රැකියා අහිමි වීම, රැකියා කොන්ත්‍රාත්තව අවසන් වීම හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යතා යන හේතූන් නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය බව දන්වා ගුවන් ප්‍රෙව්ශපත්‍ර මිලදී ගෙන සිටින මෙම දූත මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති ශ්‍රී ලාංකිකයන් රැසක් සමඟ දූත මණ්ඩල දිගින් දිගටම සන්නිවේදන කටයුතු සිදු කර තිබේ. ඔවුහු බොහොමයක් දැනට සීෂෙල්ස්හි දූපත් පහක විසිරී සිටිති.

සීෂෙල්ස්හි, 2020 මැයි 11 දින වන විට COVID-19 එක් ආසාධිතයෙක් පමණක් සිටි අතර 2020 අප්‍රේල් 06 දින 11 වැනි ආසාධිතයා සොයා ගැනීමෙන් පසුව COVID-19 කිසිදු ආසාධිතයෙකු එරටින් වාර්තා වී නොමැති බව විදේශ සබඳතා අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 7
Previous Post

නවතම ඇඳිරි නීති නිවේදනය …. ජුනි 04 සිට 05 දක්වා දිවයිනටම ඇඳිරී නීතිය පැනවේ

Next Post

ආරක්ෂක අමාත්‍යංශයේ IT යුනිට් එක මිලෝදා ගොඩනැගිල්ලට මාරු කරයි

editor

editor

Next Post

ආරක්ෂක අමාත්‍යංශයේ IT යුනිට් එක මිලෝදා ගොඩනැගිල්ලට මාරු කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved