රජයේ සේවයේ නියුතු ඉංජිනේරුවන් මුහුණපා සිටින ප්රමාණවත් නොවන වැටුප් සහ පහසුකම් ඇතුළු වෘත්තීය ගැටලු විසඳීම සඳහා රජයේ දැඩි අවධානය යොමුවී ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, භූ හා වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ප්රකාශ කරයි.
කොළඹදී පැවති රාජ්ය සේවා ඉංජිනේරු සංගමයේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් අමාත්යවරයා මේ බව සඳහන් කළේය. ජාතික සංවර්ධන ක්රියාවලිය වෙනුවෙන් ඉංජිනේරු ප්රජාවගෙන් ඉටුවන මෙහෙවර අමාත්යවරයා මෙහිදී අගය කළ අතර, ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට සහ සේවා කොන්දේසි නංවාලීමට රජය කැපවී සිටින බව අවධාරණය කළේය. සංවර්ධන ව්යාපෘති ක්රියාත්මක කිරීමේදී පද්ධති ප්රතිසංස්කරණය කිරීමේදී විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදු වුවද, වෙන් කර ඇති ප්රතිපාදන සංවර්ධන කටයුතු සඳහා ඵලදායී ලෙස භාවිත කිරීමේ වැදගත්කමද ඔහු පෙන්වා දුන්නේය.














