පෞද්ගලික රෝහල් වෙත නොගොස් රජයේ රෝහල්වලින්ම අවශ්‍ය රසායනාගාර (ලැබ්) පරීක්ෂණ සිදු කරගැනීම සඳහා රජයේ රෝහල් වෙත නව උපකරණ හා යන්ත්‍ර සූත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.
රජයේ රෝහල් සඳහා නව උපකරණ ලබාදීම හරහා විවිධ පරීක්ෂණ සිදුකර ගැනීම සඳහා රෝගීන්ට පෞද්ගලික අංශය වෙත යාමේ අවශ්‍යතාව මගහැරී යන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පෞද්ගලික රෝහල් සහ පෞද්ගලික ආයතන නියාමනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට පවතින බලතල ප්‍රමාණවත් පරිදි පවරාගෙන ඉදිරියේදී අදාළ පනත් සංශෝධනය කරමින් නියාමන කටයුතු වඩාත් විධිමත් කිරීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවේදී සම සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීම් සහ උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ ක්‍රියාවලීන්හි පවතින පුරප්පාඩු සහ අයදුම්පත් සංඛ්‍යාවන් පදනම් කරගත් ගැටලු මෙන්ම ඒවාට ලබාදී ඇති විසඳුම් සම්බන්ධයෙන් ද ඇමැතිවරයා කරුණු පැහැදිලි කළේය.














