නව ගැසට් නිවේදනයකට අනුව පානීය ජල බෝතල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල සීමාවන් ඉහළ දමා තිබේ.
ඒ අනුව විවිධ ප්‍රමාණයේ ජල බෝතල් මිල ගණන් සංශෝධනය වී ඇත්තේ මෙසේය:
මිලිලීටර් 500ත් මිලිලීටර් 999ත් අතර වතුර බෝතලයක උපරිම සිල්ලර මිල රුපියල් 10කින් ඉහළ ගොස් ඇත. ලීටර් 1ත් ලීටර් 1.499 අතර ප්‍රමාණයේ වතුර බෝතලයක මිල මෙන්ම ලීටර් 1.5ත් ලීටර් 1.999ත් අතර ප්‍රමාණයේ වතුර බෝතලයක මිල ද රුපියල් 20කින් ඉහළ දමා තිබේ.
මීට අමතරව, ලීටර් 2ත් ලීටර් 2.499 අතර ප්‍රමාණයේ ජල බෝතලයක් රුපියල් 20කින් ඉහළ ගොස් ඇති අතර, ලීටර් 5ත් ලීටර් 6.999 අතර විශාල ප්‍රමාණයේ වතුර බෝතලයක උපරිම සිල්ලර මිල රුපියල් 50කින් ඉහළ දමා ඇති බව නව ගැසට් නිවේදනයේ සඳහන් වේ.
















