27 April 2024
#දේශීය

රසායනාගාර පරීක්ෂණ නතරවන ලකුණු – රවි කුමුදේශ්

රසායනාගාර සේවාවේ ප්‍රතික්‍රීයක ණය බිලියන 10කට ආසන්න බවත් ඉදිරියේදී පරීක්ෂණ නතර කිරීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ මහතා කියා සිටියේ තරඟකාරී මිලට ප්‍රතික්‍රීයක ගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට වැඩපිළිවෙලක් නැති නිසා, ප්‍රතික්‍රීයක සඳහා තුන් ගුණයක් වැඩිපුර ගෙවනු ඇති බවයි. එසේම රෝගීන්ගේ දිය වැඩියාව පරීක්ෂා කිරීමට අවශ්‍ය ග්ලූකෝමීටර ප්‍රතික්‍රීයක කට්ටලවල බරපතල හිඟයක් පවතින අතර පරිත්‍යාග ලෙස ලැබුණු ග්ලූකෝමීටර ප්‍රතික්‍රීයක කට්ටල මිලියන 2ක්, මාස 4ක් තිස්සේ භාවිතයට ගැනීමට නොහැකි වී ඇති බව ඔහු අනාවරණ කරයි.

එසේම වෛද්‍ය සැපයීම් අංශය තුල මිලියන 4ක ග්ලූකෝමිටර ප්‍රතික්‍රීයක කට්ටල තිබියදී, හදිසි මිලදී ගැනීම සඳහා උඩගෙඩි දෙන බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට, විදේශවල තිබෙන ඉල්ලුම, ධනාත්මකව කළමනාකරණය කිරීමට වැඩපිළිවෙලක් අවශ්‍ය බව රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *