ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කෘෂිකර්මාන්තය සහ ජාතික ආහාර සුරක්ෂිතතාව තිරසාර ලෙස ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් “වාරි මහිම – අපේ උරුමය” නමින් නව ජාතික වැඩසටහනක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. කුඩා ග්‍රාමීය වාරි ව්‍යාපෘති සහ එල්ලංගා පද්ධති කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා 2026 අයවැය මගින් රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදන වෙන් කර ඇත.
දැනට පවතින වාරි පද්ධතිවල රොන්මඩ තැන්පත් වීම, ව්‍යුහාත්මක දුර්වලතා, අනවසර පදිංචිකිරීම් සහ දේශගුණික විපර්යාස නිසා ඇති වී තිබෙන බාධා ඉවත් කර ජල කළමනාකරණ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණයි. ඓතිහාසික වශයෙන් විකාශනය වූ අපේ වාරි උරුමය ආරක්ෂා කරමින් ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
















