රාජ්‍ය භාෂා සතියට (ජූලි 01 – 05) සමගාමීව ‘Clean Sri Lanka’ වැඩසටහන යටතේ රජයේ කාර්යාලවල බහුලව භාවිත වන පොදු ආකෘති පත්‍ර 23ක් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සකස් කර අන්තර්ජාලයට මුදා හැරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. www.moha.gov.lk වෙබ් අඩවිය හරහා මෙම ත්‍රෛභාෂා ආකෘති පත්‍ර සමූහය නිල වශයෙන් ජනතා අයිතියට පත් කර ඇත.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) ක්‍රියාත්මක කරන ‘eForms System’ ව්‍යාපෘතිය යටතේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන සහ ග්‍රාම නිලධාරී කාර්යාල හරහා ලබාදෙන ඉඩම්, සමාජ සේවා, ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත්, වැඩිහිටි හා ආබාධිත දීමනා සහ විවිධ බලපත්‍ර ලබා ගැනීමට අදාළ අයදුම්පත් මින් ඉදිරියට ඕනෑම අයෙකුට වෙබ් අඩවියෙන් පහසුවෙන් බාගත කරගත හැකිය. සෑම පුරවැසියෙකුටම තමන් දන්නා මවු භාෂාවෙන් රාජ්‍ය සේවයට ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කරමින්, පැරණි සංකීර්ණ ක්‍රමවේද වෙනස් කරමින් මෙම යෝධ පියවර තැබූ බව අමාත්‍යවරුන් වන මහාචාර්ය චන්දන අබයරත්න සහ නීතිඥ හර්ෂණ නානායක්කාර මහත්වරුන් මෙහිදී අවධාරණය කළහ.
















