ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ සිය කනස්සල්ල පළ කරමින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් 12 දෙනෙකු විසින් පැලවත්ත ප්‍රධාන කාර්යාලය වෙත ලිපි 12ක් භාර දී ඇති බව වාර්තා වේ. මෙම ලිපි මගින් ඇතැම් මැති ඇමතිවරුන් පෙන්වා දී ඇත්තේ තමන් පෙන්වා දෙන අඩුපාඩු නිවැරදි නොවන්නේ නම් මන්ත්‍රී ධුරවලින් හෝ දරන තනතුරුවලින් ඉල්ලා අස්වීමට සූදානම් බවයි.
මෙම විරෝධතාවයේ නිරත පිරිස කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක නියෝජනය කරන අතර ජාතික ලැයිස්තුවෙන් පත්වූ කිහිප දෙනෙකු ද ඒ අතර වේ. විශේෂත්වය වන්නේ මොවුන්ගෙන් බහුතරයක් ජනතා විමුක්ති පෙරමුණේ සෘජු සාමාජිකයන් නොව මාලිමාව සමඟ එක්වූ වෘත්තිකයන් වීමයි. කෙසේ වෙතත්, පක්ෂයට ලැබුණු ජනවරම නොසලකා හරිමින් කිසිදු තනතුරකින් ඉල්ලා අස්වීමට මොවුන්ට අවසර නොදීමට ආණ්ඩු පක්ෂ ජ්‍යෙෂ්ඨයන් තීරණය කර ඇති අතර, මෙම මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් ද පත් කර ඇත.













