අද ඩිජිටල් යුගයේ දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා බොහෝ දෙනා සමාජ මාධ්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වී ඇති බවත්, එය දරුවන්ගේ මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන බවත් වාර්තා වේ. විශේෂයෙන් අන්තර්ජාලය හරහා දරුවන්ට එරෙහිව සිදුවන තර්ජන, බිය ගැන්වීම් සහ අනතුරුදායක හැසිරීම් ඉහළ යමින් පවතින බව දෙමාපිය පාර්ශවය විසින් දැඩි ලෙස අවධාරණය කර ඇත.
මෙම අර්බුදකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය නීතියෙන් සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ. විශේෂඥයන් පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය හරහා දරුවන් නිරාවරණය වන අසත්‍ය තොරතුරු, සයිබර් හිරිහැර සහ මානසික පීඩනයන් ඔවුන්ගේ වර්ධනයට දැඩි බාධාවක් බවයි. මේ සම්බන්ධයෙන් රජය විසින් අදාළ තාක්ෂණික ආයතන සහ සමාජ මාධ්‍ය වේදිකා සමග සාකච්ඡා ආරම්භ කර ඇති අතර, දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම උදෙසා දැඩි නියාමන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මතු වී තිබේ.
කෙසේ වෙතත්, මෙම තහනම ක්‍රියාත්මක කිරීමේදී තාක්ෂණික වශයෙන් එය කළමනාකරණය කරගන්නා ආකාරය සහ දරුවන්ගේ අන්තර්ජාල භාවිතය අධීක්ෂණය කිරීමේ වගකීම දෙමාපියන්ට පැවරීම සම්බන්ධයෙන් මේ වන විට පුළුල් සංවාදයක් ඇතිව තිබේ. ඉදිරි සති කිහිපය තුළ මෙම යෝජනාව සම්බන්ධයෙන් නීතිමය කෙටුම්පත් සකස් කිරීමටත්, පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමටත් පියවර ගැනෙනු ඇත.
















