27 April 2024
#දේශීය

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති හා අධ්‍යාපන අමාත්‍යවරයා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි බි. මටේරි (Yuri B. Materiy) මහතා හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අද (11) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුවිය.

ශ්‍රී ලංකාව මුහුණ දුන් බොහෝ අසීරු අවස්ථාවලදී එවක් පටන් මේ දක්වා දැවැන්ත මැදිහත්වීමකින් දුන් සහයෝගයන්හි විවිධ අවස්ථා පිළිබදව අමාත්‍යවරයා කෘතවේදීව සිහිපත් කළේය.

දශක 40 ක පමණ ආසන්න කාලයක සිට රුසියාවේ අධ්‍යයන අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට ලබාදීමේ ගෞරවනීය ක්‍රියාවලිය පිළිබදව ද අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.

වාර්ෂිකව ලංකාවට වෛද්‍ය, ඉංජිනේරු, කළමනාකරණ අධ්‍යයන අවස්ථා 300 – 600 ක ප්‍රමාණයක් ලබා දෙන අතර එය එරට විශ්වවිද්‍යාල හා සෟජුව සබන්ධව කටයුතු කිරීම කෙරෙහි සිසුන් අවධානය යොමු කළ යුතු බව තානාපතිවරයා පැවසීය.

රුසියානු ශ්‍රී ලංකා අධ්‍යයන අවස්ථා වෙනුවෙන් වූ ද්විපාර්ශික අවබෝධතා ගිවිසුම් යාවත්කාලීන කිරීම පිළිබඳව ද තානාපතිවරයා මෙහිදී අවධානය යොමු කළේය.

රුසියානු භාෂාව සඳහා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය තුළ අධ්‍යයන අවස්ථා ඇති කිරීමට ඇති හැකියාව සහ ඒ සඳහා වන සහයෝගය ලබාදෙන මෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

වෛද්‍ය, පර්යේෂණ අධ්‍යයන අවස්ථා හා ආර්ථික සංවර්ධනයට රුසියාවෙන් ලංකාවට ලබා දෙන සහයෝගය පිළිබඳව ද අමාත්‍යවරයා ස්තුතිය පළ කළේය.

අමාත්‍යවරයා කුමන ක්ෂේත්‍රයක සිටියත් රුසියානු රජයේ මිතුරෙක් බව පැවසූ තානාපතිවරයා රුසියානු ශ්‍රී ලාංකික සබඳතා වලට වසර 65 ක් ලබන වසරට ගතවිම ස්මරණය කිරීම පිළිබඳව ද කතිකා විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *