දිවයින පුරා පිහිටි ග්‍රාම නිලධාරී වසම් දාහතර දහසම ආවරණය වන පරිදි එක් දිනකදී ගෙයින් ගෙට ගොස් වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ දරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පාර්ලිමේන්තුවේදී මේ බව අනාවරණය කළේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සකස් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවකට පිළිතුරු ලබා දෙමිනි. මෙම වැඩසටහන හරහා මෙරට තරුණ පරපුරට වෘත්තීය අධ්‍යාපනයේ ඇති වැදගත්කම සහ ඒ සඳහා ඇති අවස්ථා පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දීමට අපේක්ෂිතය. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් ගෙන ආ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවකට අනුව මෙම සුවිශේෂී තීරණය ගෙන ඇති අතර එමඟින් අනාගත වෘත්තීය වෙළඳපොළට ගැලපෙන දක්ෂ පිරිසක් බිහිකිරීම රජයේ මූලික අරමුණ වී තිබේ.














