තමන් ඇතුළු පිරිසට එරෙහිව බොරු සාක්ෂි ලබාදෙන ලෙස පුද්ගලයින්ට කළ බලපෑම් හේතුවෙන් වටිනා ජීවිත පවා අහිමි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. වෛරය හෝ කුහකත්වය පදනම් කරගත් දේශපාලනයක් සිදු කිරීමට තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව අවධාරණය කළ ඒ මහතා, පසුගිය කාලසීමාව තුළ දේශපාලන පළිගැනීම් සිදු කිරීමට ගිය ගමනේ අවසානය ඉතා කනගාටුදායක වූ බව පෙන්වා දුන්නේය. මෙරට දේශපාලන සංස්කෘතිය තුළ පවතින මෙම ද්වේශසහගත ස්වභාවය වෙනස් විය යුතු බවත්, තමන් නිරන්තරයෙන් පෙනී සිටින්නේ වඩාත් යහපත් සහ මානුෂීය දේශපාලන ප්‍රවේශයක් වෙනුවෙන් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














