• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එලවළු මිලදී ගැනීමට ආණ්ඩුවට මීට පෙරත් දැනුත් කිසිදු විධිමත් ක්‍රියාවලියක් නෑ – ජවිපෙ

12 April 2020
in දේශීය

අස්වනු නෙළන කාලයට මිල අඩු වීමත් හිඟ කාලයට මිල වැඩිවීමත් කියන ස්වභාවික ක්‍රියාවලියට අමතරව විධිමත් ක්‍රියාවලියක්, යාන්ත්‍රණයක් ආණ්ඩුවට නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (12) සමාජ ජාලා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ එළවලු මිලදී ගැනීම සහ බෙදාහැරීමේ ක්‍රියාවලිය කොරෝනා වසංගත තත්වයට පෙරත් පොදුවේ බිඳවැටී තිබු බවයි.

TTVnews.lk වෙබ් අඩවිය විසින් යොමු කල ප්‍රශ්ණය වන්නේ එළවළු මිලදී ගැනීම සහ එම ක්‍රියාවලියට ගොවිජන සම්මේලනයේ සම්බන්ධය පිළිබඳව විවේචන එල්ලවෙමින් තිබෙනවා. ඒ ඇයි?

එයට පිළිතුරු ලබා දුන් අනුර කුමාර දිසානායක මහතා “ එළවලු මිලදී ගැනීම සහ බෙදාහැරීමේ ක්‍රියාවලිය කොරෝනා වසංගත තත්වයට පෙරත් පොදුවේ බිඳවැටී තිබුණා. අස්වැන්න නෙලා ගන්නා සමයේදී එළවලු ගොවීන් අස්වැන්න විකුණාගත නොහැකිව ඉවත දමන හැටි අපි දැක තිබෙනවා. ගොවීන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමත් පාරිභෝගිකයාට සාධාරණ මිලකට ලබාදීමත් පිළිබඳව කිසිම වැඩපිළිවෙළක් මීට පෙරත් තිබුණේ නැහැ. එක වර්ෂයක් තුළ අසීමිත ලෙස මිල උච්ඡාවචනයන් සිදුවී තිබෙනවා. අස්වනු නෙළන කාලයට මිල අඩු වීමත් හිඟ කාලයට මිල වැඩිවීමත් කියන ස්වභාවික ක්‍රියාවලියට අමතරව විධිමත් ක්‍රියාවලියක්, යාන්ත්‍රණයක් ආණ්ඩුවට නැහැ. එය මුළුමනින්ම අඩපනවී තිබෙනවා. කෙරෝනා තත්වය හමුවේ සාමාන්‍ය තත්වයකට වඩා දැඩි අසීරුතාවයකට එළවලු ගොවීන් මුහුණදී සිටිනවා. මේ තත්වය හමුවේ ගොවි සම්මේලනයේ නායකත්වය දරන නාමල් කරුණාරත්න සහෝදරයා සති දෙකතුනක් පුරා ගොවි ජනතාවගේ අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කිරීමත් පාරිභෝගිකයාට සාධාරණ මිලකට ලබාගැනීමත් සම්බන්ධයෙන් අඛණ්ඩ අරගලයක නිරතව සිටිනවා. ඔහුගේ සෞඛ්‍ය අනාරක්‍ෂිත තත්වය පවා නොසලකා සක්‍රීයව මැදිහත් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 11වැනිදා ආණ්ඩුව එලවලු මිලදී ගන්නා බව ප්‍රකාශ කළා. සියලු කරුණු සලකා බලා එලවලුවලට යම් මිලක් තීරණය කර තිබුණා. ඒ මිලට ලබා නොගැනීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් 11වැනිදා ඇතිවුණා. එය කිසි සේත් කඩාකප්පල්කාරී හෝ විනාශකාරී ප්‍රවේශයක් නොවෙයි. පාරිභෝගිකයාටත් ගොවියටත් සාධාරණත්වය ඉටුවිය යුතුයි කියන ප්‍රවේශයක් එතැන තිබුණේ.

දිලිනි සමන්මලි

Post Views: 4
Previous Post

ලංකාවේ කොවිඩ් ආසාදිතයින් 203 යි !

Next Post

වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත ඖෂධ නිකුත් කරන ලෙස සියලු ඔසුසැල්වලට දැනුම් දෙයි

editor

editor

Next Post

වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත ඖෂධ නිකුත් කරන ලෙස සියලු ඔසුසැල්වලට දැනුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved